ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.
2009 වසරේ නිකුත් කරන ලද මයික්‍රොසොෆ්ට් වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතිය 2020 ජනවාරි 14 වන දින විශ්‍රාම යාමට නියමිතය.
ලොව පුරා වැඩිපුරම භාවිතා වන දෙවන පරිගණක මෙහෙයුම් පද්ධතිය ලෙස දිගටම පවතින වින්ඩෝව්ස් 7 Service Pack 1 ස්ථාපනය කර ඇති පරිගණක සඳහා 2015 ජනවාරි 13 වන දින ප්‍රධාන ධාරාවේ සහාය අවසන් විය.
Service Pack 1 නොමැති වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය හට 2013 අප්‍රේල් 9 සිට සහාය මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් නොලැබුනු අතර කෙසේ වෙතත්, වින්ඩෝව්ස් 7 Service Pack 1 වෙත සහාය ලබාදීමක් ලෙස මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් ආරක්ෂක යාවත්කාලීනයන් ලබාදුන්නද මෙම යාවත්කාලීනයන් තුල කිසිදු නව අංගයක් වින්ඩොව්ස් 7 SP1 මෙහෙයුම් පද්ධතියට ඇතුළත් කර නොමැත.
ලොවපුරා මෙන්ම ශ්‍රී ලංකාවෙත් තවමත් වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රියාත්මක වන පරිගණක විශාල වශයෙන් පවතින අතර වින්ඩෝව්ස් 7 SP1 මෙහෙයුම් පද්ධතිය තවත් මාස හයකින් පසුව ආරක්‍ෂිත යාවත්කාලීන නොමැතිව සයිබර් ප්‍රහාරයන් වලට ගොදුරුවීමේ ඇති අවදානමක් පවතින නිසා එම අවදානමෙන් මිදීමට ඉදිරි මාස හය ඇතුලතදී එම පරිගණක වින්ඩොව්ස් 10 හෝ වින්ඩොව්ස් 8.1 මෙහෙයුම් පද්ධතිය දක්වා යාවත්කාලීන කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාව දැනුවත් කරමු.
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.