අද මම ඔබට කියා දෙන්නේ ගෙදර ඉඳන්ම කරදරයක් නැතිව වාහන ආදායම් බලපත්‍රය ලබා ගන්නා අන්දම ගැන.ඔබට මේ යටතේ ඕනෑම වාහනයක් සඳහා බලපත්‍රය ලබා ගත් හැක.මේ සඳහා පහත පියවර අනුගමනය කරන්න.
1.ඔබේ වාහනයට දුම් සහතිකය අවශ්‍යනම් එය ලබා ගන්න.(අලුත්ම වාහන සඳහා පළමු වසර සඳහා අවශ්‍ය නොවේ)
2.ඔබේ වාහනයේ රක්ෂණ සහතිකය ලබා ගන්න.
3.වාහනයේ විස්තරය අඩංගු පොත හෝ එහි කොපියක් ලඟට ගන්න.
දැන් මෙම ලින්ක් එකෙන් යන්න
විවුර්ත වන පිටුවේ පහලින් ඇති LOGING බොත්තම ඔබන්න
1.ඔබේ වාහනයට දුම් සහතිකය අවශ්‍යනම් එය ලබා ගන්න.(අලුත්ම වාහන සඳහා පළමු වසර සඳහා අවශ්‍ය නොවේ)
2.ඔබේ වාහනයේ රක්ෂණ සහතිකය ලබා ගන්න.
3.වාහනයේ විස්තරය අඩංගු පොත හෝ එහි කොපියක් ලඟට ගන්න.
දැන් මෙම ලින්ක් එකෙන් යන්න
විවුර්ත වන පිටුවේ පහලින් ඇති LOGING බොත්තම ඔබන්න
Authentication Screen ලෙස වෙනම පිටුවක් ලැබේවි.එහි ඔබ කැමති එකක් තෝරා ගෙන ලොග් වෙන්න.එහි ICTA,GOOGLE,FACEBOOK,LINKED ලෙස ක්‍රම හතරක් දක්නට ලැබෙනු ඇත.ඔබ GOOGLE තෝරා ගත්විට ඔබේ EMAIL ලිපිනය හා එහි මුර පදය ඇතුලත් කිරීමට වෙනම පිටුවක් ලැබෙනු ඇත.ඉන්පසුව පිටුවේ ඉහලින් Online Vehicle Revenue Licence Service ලෙස දිස් වනු ඇත.එහි Check Status.First Liecence,Renew licence පහලින් ටැබ් තුනක් දක්නට ලැබෙනු ඇත. ඉන් ඔබට අවශ්‍ය සේවාව තෝරාගෙන එය ක්ලික් කරන්න.ඔබට අවශ්‍ය වාහන බලපත්‍රය අලුත් කිරීමට නම් Renew licence ටැබ් එක ක්ලික් කරන්න.
දැන් ඔබට ඔබේ පළාත තෝරන්න (Vehicle Registered Province)
ඊළඟට ඔබේ වාහනයේ අංකය නිවැරදිව සටහන් කරන්න එය (e.g. 15-9876, GC-9165) ලෙස සටහන් කරන්න දැන් පෙර වර්ෂයේ බලපත්‍ර අංකය යොදන්න.මෙහිදී ඉංග්‍රීසි අකුරු නැතිව අංකය පමණක් යොදන්න.
දැන් ඊළඟ පියවර සඳහා යොමුවීමට ok බොත්තම ඔබන්න.එහිදී ඔබට අලුත් පිටුවක ඔබේ වාහනයේ දුම් සහතිකය ලබා ගත් ආයතනය හා රක්ෂණ සහතිකය ලබා ගත් ආයතන දෙක තොර ඉදිරියෙන් ඇති Validate යන්න ක්ලික් කරන්න.සහතික නිවැරදි නම් ඉදිරියෙන් හරි ලකුණ වැටෙනු ඇත.
ඊලගට එන පියවර සඳහා ඔබ භාවිතා කරන email ලිපිනයක් හා දුරකථන අංකයක් ඇතුලත් කර ඉදිරි පියවර සඳහා යොමුවී යන ආකාරය දක්නට ලැබෙනු ඇත.ඔබට මුදල් ගෙවිය හැකි ආකාරය දක්නට ලැබෙනු ඇත.එබේ කාඩ්පත් අංකය හා කලිකුත් වන වර්ෂය හා මාසය ඇතුලත් කර කාඩ් පතේ cvv අංකය ද ඇතුලත්
දැන් මුදල් ගෙවීමට ඉදිරි පියවර වෙත යොමුවන්න.මුදල් ලබා ගත් පසු එය සාර්ථකව සිදුවූ බව දක්වන පණිවිඩයක් දිස්වනු ඇත.දැන් එය ප්‍රින්ට් කිරීමට පිටුවක් විවුර්ත වන බව ඔබට පෙනෙනු ඇත.ඒ වන විට ප්‍රින්ටරයක් සවිකර තිබුනේ නම් ඔබට ප්‍රින්ට් එක ලබා ගත් හැක.නැතිනම් පසුව ලබා ගැනීමට save කරන්න,මේ වන විට ඔවේ ආදායම් බලපත්‍රයේ තාවකාලික පිටපත් email ලිපිනයටද ලැබී ඇත.
සති දෙකක් පමණ ඇතුලත ඔබේ නියම ආදායම් බලපත්‍රය නිවසටම තැපෑලෙන් ලැබෙනු ඇත.
ස්තුතියි..
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.