Monday, July 18, 2022

විනාඩියෙන් ඉන්දන QR CODE එක ඔබ විසින්ම සාදා ගන්නේ මෙහෙමයි

 ආයුබෝවන් යාලුවනේ මේ දවස් වල හැම දෙනෙකුටම තියෙන ලොකුම ප්‍රශ්නය තමා ඉන්දන සපයා ගැනීම .එහෙම කිවුවත් සමහර අයටනම් බවුසර් ගණන් ගෙවල් වල ඉන්දන තියෙනවා.ඒ විතරක් නෙමෙයි ගොඩක් ඇය මේවා ඉතා ඉහල මිල ගණන් වලට විකුණලා නීතියට පටහැනි ලෙස මුදල් උපයනවා.ඉතින් මේක වලක්වන්න රජය දැන් අරන් තියෙන පියවර ගොඩක් හොඳ එකක්.

මේකෙන් වෙන්න සතියකට හරි එහෙමත් නැතිනම් යම් කාල සීමාවක් තුල එක වාහනයකට ගහන්න පුළුවන් ඉන්දන ප්‍රමාණය සිමා කරන එක.

මේක වෙබ් අඩවියක් ඕනෑම SMART PHONE එකකින් වගේම ලැප්ටොප් එකකින් ඩෙක්ස්ටොප් එකකින් වුනත් මෙම වෙබ් අඩවියට ලොග් වෙලා ඉතා කෙටි කාලයකින් ගිණුමක් හදා එමගින් ඔබේ වාහනයට අදාළ QR CODE එක ලබා ගන්න පුළුවන් 

QR CODE එකෙන් වෙන්නේ ඔයාගේ වාහනේ විස්තර අඩංගු අපට ඇසට නොපෙනෙන ලෙස සකසා ඇති යම් කිසි රහස් සංකේතයක් 

වැඩි කතා ඕනේ නැහැ මෙන්න මේ ලින්ක් එකෙන් තමයි යන්න ඕනේ  http://fuelpass.gov.lk/

1.ඉහත ලින්ක් එක ක්ලික් කරාම ඔයාලව පහත පෙනෙන පරිදි වෙබ් අඩවියට අරගෙන යාවි.


2.දැන් මේකේ තියෙන ලියාපදිංචි වන්න නැත්නම් register now බට්න් එක උඩ ක්ලික් කරන්න 

එතකොට මෙන්න මේ වගේ එකක් එවි.


3.දැන් මේකේ මුලින්ම තියෙන කොට්‍රුවේ ඔයාගේ ID NO එක හරි PASS PORT  NO එක හරි නැතිනම් BR NO එක දාල ඉසරහින් තියෙන කොටුවෙන් එක මොකක්ද කියා තෝරලා දෙන්න.දැන් ඔයාගේ වැඩකරන PHONE NO එකක් දෙන්න ළඟ තියෙන එකක් .ඊට පස්සේ Send OTP කියන බට්න් එක උද ක්ලික් කරන්න

එතකොට ඔයාගේ phone එකට අංක හයක පින් අංකයක් එය බලා ලියා ගන්න 


 

4.මෙන්න මේ වගේ.දැන් ඔය OTP කියලා තියෙන කොටුවේ ඔයා ලියාගත් අංක හය ටයිප් කර පහලින් තියෙන Verify කියන බට්න් එක ක්ලික් කරන්න.


5.එතකොට මෙන්න මේ වගේ එකක් ලැබේවි.එහි ඔබේ මුල් නම අග නම කැපිටල් අකුරු වලින් දෙන්න id එකේ තියෙන විදිහට .ලිපිනයත් දෙන්න ඒ විදිහට දැන් NEXT ක්ලික් කරන්න 

7.දැන් ඔයාගේ වාහනේ විස්තර ඇතුලත් කරන්න කොටුවක් ලැබේවි.එහි මුල් කොටුවේ ඉංග්‍රීසි අක්ෂරත් දෙවන කොටුවේ ඉලක්කම් වලින් එන අංකයත් ඇතුලත් කරන්න .ඉස්සරහා කොටුවෙන් වාහන වර්ගය තෝරන්න.
පහල කොටුවේ වාහනයේ චැසියේ අංකය තෝරන්න.ඔයාගේ වාහනයේ පොතේ ඇති අංකය ඒ විදිහටම ටයිප් කරන්න ඕනේ.දැන් ඔයාට ඕනේ කරන තෙල් වර්ගය තෝරන්න.දැන් REGISTER කියන බට්න් එක ක්ලික් කරන්න  

8.ඊට උඩින් ඇති පොඩි කොටුව ක්ලික් කර එකට ටික් එකක් දමන්න 

9.වැඩේ හරියටම උනා නම් මේ වගේ එකක් ලැබේවි.ඔබේ වාහනයේ අංකය QR CODE එකට උඩින් ආවොත් වැඩේ ගොඩ.දැනට ඔයාට ඉන්දන පිරවුම් හලකින් ගහන්න පුළුවන් තෙල් ප්‍රමාණය පෙන්වාවි.
10.ඔතන ඔය DOWNLOAD කියල තියෙන බට්න් එක ක්ලික් කරලා QR CODE එක පින්තුරයක් විදිහට බා ගන්න පුළුවන් එය ඔබ දුරකතනයේ හෝ ප්‍රින්ට් එකක් රැගෙන තියා ගන්න.තෙල් ගහන්න ගියාම එතනට ඕක පෙන්නුවාම එයාල පරිෂා කරලා බලා ඔබට අවශ්‍ය තෙල් ප්‍රමාණය ලබා දෙනු ඇත.
11.ඔයාට ආයෙත් දවසක ඔයාට දැනට හිමිම ඇති තෙල් ප්‍රමාණය බලා ගන්න ඕනි නම් හරි QR CODE එක නැවත ගන්න ඕනි නම් කලින් දාල තිබුන ලින්ක් එකෙන් ගිහින් එහි දක්නට ලැබෙන LIGIN බට්න් එක ක්ලික් කරන්න .එවිට ලැබේවි ඔයා ලියාපදිංචි වන විට දීපු phone NO එක ඇතුලත් කරන්න අකොටුවක්.එහි එම PHONE NO ඇතුලත් කර SEND OTP යන්න ක්ලික් කරන්න.

12.මේ දාල තියෙන්නේ ආපු අංක හය.

13.දැන් ඔන්න ඔයා කලින් දැකපු QR CODE එකයි ඔයාගේ තෙල් ප්‍රමාණයයි බලා ගන්න පුළුවන් 

ගොඩක් ස්තුතියි හැමෝටම ගැටළු ආවොත් කොමන් කරන්න 

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.