Sunday, August 25, 2013

LED නාම පුවරු නිෂ්පාදන පාඩම් මාලාව 2

   කලින් පාඩමේදී මම ඔබට හදුන්වා දුන්නා මතක ඇති LED නාම පුවරු ගැන කල හැඳින්වීම ඉතින් අද මම ඔයාලට කියා දෙන්න හදන්නේ මෙම පාඩම් මාලාවේ පටුන හා තවත් විස්තර කීපයක්.
පාඩම් මාලාවේ පටුන
1.LED නාම පුවරු නිෂ්පාදනයට
අවශ්‍ය මුලික උපකරණ
2.LED මොඩියුලය
3.බල සැපයුම් ඒකකය.
4.පාලන ඒකකය.
5.මෘදුකාංගය හදුන්වා දීම.
6.මෘදුකාංගය ස්ථාපිත කිරීම හා ක්‍රියාත්මක කිරීම.
7.LED නාම පුවරු සඳහා රාමුවක් සැකසීම.
8.කුඩා නාම පුවරුවක් සැකසීම.
9.නාම පුවරුව සඳහා මෘදුකාංගය මගින් වැඩසටහන සැකසීම.
10.නාම පුවරුව අකුරු රටා හා වාක්‍ය එකතු කිරීම.
11.බස්රථ සඳහා නාම පුවරු සැකසීම
12.නාම පුවරුවට පින්තූර එකතු කිරීම.
13.ද්විත්ව වර්ණ පුවරුවක් සැකසීම.
14.දැන්වීම් දැමීමට විශාල පුවරුවක් සැකසීම.
15.USB මගින් දත්ත ඇතුළු කිරීම.
16.ඇනිමේෂන් හා බෝඩර් එකතු කිරීම.
17.සම්පුර්ණ වර්ණ සහිත පුවරුවක් සැකසීම.
18.සම්පුර්ණ වර්ණ සහිත පුවරුවක උපකරණ හඳුන්වා දීම.
19.සම්පුර්ණ වර්ණ සහිත පුවරුවකට අවශ්‍ය මෘදුකාංගය හදුන්වාදීම.
20.වීඩියෝ දර්ශන ඇතුලත් කිරීම.
21.දැන්වීම් දැමීමට තිර සැකසීමේ අඩුවියදම් ක්‍රම.

LED නාම පුවරු නිෂ්පාදනයට අවශ්‍ය මුලික උපකරණ
පහත උපකරණ ඔබ සතු වීම වැදගත්ය.
ලැප්ටොප් පරිගණකයක් හෝ ඩෙක්ස්ටොප් පරිගණකයක්
1.යකඩ කපන කියතක්.
2.රිවට් මැෂින් එකක්.
3.මල් ස්කුරුප්පු නියන් හා විදුලි පාහනයක්
4.මල්ටිමිටරයක්.
5.ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් එකක්.
මෙම උපකරණ නැතිනම් කලබලනොවන්න.යාළුවෙකුගෙන් ඉල්ලා ගන්න.ඔබට බස්රථ නාම පුවරු 3ක් සාදා විකිණීමෙන් පසු මෙම සියල්ල මිලදී ගත හැක.
LED නාම පුවරු..
LED නාමපුවරු සඳහා යොදා ගන්නේ ඒකක වශයෙන් ඇති කොටස් කීපයකි.මින් එක කොටසකට මොඩියුලයක් යැයි කියනු ලැබේ.මේවා සාමාන්‍යයෙන් අඩි භාගයක් උසින් හා අඩි එකකක් දිගින් යුක්තය.එක් එක් මොඩියුල වලට ආවේනික ලක්ෂණ කීපයක් ඇත.
1.සමහර මොඩියුල වල ඇත්තේ එක වර්ණයක් ඇති LED ය.
2.තවත් ඒකක වර්ණ දෙකක් ඇති LED අඩංගු කර ඇත.
3.තවත් ඒකක වර්ණ තුනක LED අඩංගු කර ඇත.

පරීක්ෂණ මට්ටමේ සිටින ඔබ හට එක වර්ණයක් අඩංගු මොඩියුල තෝරාගෙන දැන්වීම් පුවරු සාදා ගන්න.එවිට වියදමද අඩුය.තමන්ට ඕනා හැටියට සකස් කරමින් අත්දැකීම් ලබා ගත හැකිය.
සාමාන්‍යයෙන් එක වර්ණයක් ඇති මොඩියුලයක පළල අතට LED බල්බ 16 ක් ද දිගු අතට LED බල්බ 32 ක් ද ඇත.
මොඩියුලය
   LED නාම පුවරුවේ තැනුම් ඒකකයයි.මොඩියුල ගණනාවක් එක් කර විශාල පුවරු තනන්නට පුළුවන.සම්පුර්ණ වර්ණ ඇති මොඩියුල එක්කර තනන නාම පුවරුවකට ලොව ඇති ඕනෑම වර්ණයක් ජනිත කල හැකිය.එනම් එය රුපවාහිනියකට සම කල හැකිය. මොඩියුලය නරබන්න.එහි LED සවි කර ඇති අයුරු නරබන්න.සෑම LED එකක්ම පාලන ය වන්නේ IC එකකින් බව පෙනෙනු ඇත.මේවාට ලෝජික් IC යයි කියනු ලැබේ.මෙම ලොජික් IC දීම නිසා පරිපථයට යෙදිය යුතු අතිමහත් වයර් ප්‍රමාණයක් අඩු වි ඇත.පරිපථයට ලැබෙන දත්ත කියවා බලා නිය මිත LED එක පමණක් අදාල අවස්ථාවේ දැල්වීම මෙම ලොජික් IC වල කාර්ය වේ.මෙම ලොජික් IC එකක් පිලිස්සුන විට එම ප්‍රදේශයට අදාළ LED පමණක අක්‍රිය වේ.එය පහසුවෙන් හදුනා ගෙන අලුත් වැඩියා කල හැකිය.
ඔබ වෙළඳ පොලින් මොඩියුල මිල දී ගන්නා විට එය ඉල්ලා සිටිය යුතු වර්ග ඇත.එය P10,P20,P16 ලෙස ඇත.මීවායින් කිය වෙන්නනේ එම මොඩියුල වල අංක වලින් දක්වා ඇති මීටර් ගණනක දුර සිට බැලුවිට එම මොඩියුල යොදා තැනු නාම පුවරුවේ දැන්වීම පැහැදිලිව පෙනෙන බවය.උදා හරණයක් ලෙස P10ලෙස දක්වා ඇති මොඩියුල යොදා තනන නාම පුවරුවක එහි දිස්වන දැන්වීම් පැහැදිලිව නැරබිමට අඩුම වශයෙන් මීටර් 10 ක් වත් පසුපසට යායුතු බවය.
ඔබගේ නාම පුවරුව දිස්වන දුර අනුව ඔබට අවශ්‍ය මොඩියුල තෝරා ගත හැකිය.මොඩියුලයට විදුලි බලය ලබාදිය යුත්තේ 5V සරල ධාරාවකි.එය යම් හෙයකින් 5V ට වඩා වැඩි වුව හොත් ලොජික් IC වලට හානි පැමිණේ.එනිසා 5V වොල්ටිය තාවක් හැම විටම ලබා දිය යුතුය.
මොඩියුලයට දත්ත සපයන පෝර්ට් (PORT)එකක් ඇත.ඒ අසල HUB08 හෝ HUB12 ලෙස මුද්‍රණය කර ඇත.එයින් කිය වෙන්නේ එම මොඩියුලයේ එම පෝර්ට් එක ඩේටා කේබලය මගින් පාලන ඒකකයේ HUB08 හෝ HUB 12පෝර්ට් සමග නිවැරදිව සම්බන්ද විය යුතු බවය.එනම් සෑමවිටම HUB 08 මොඩියුලයක පෝර්ට් එක ඩේටා කේබලය පාලන එක්කකයේ HUB 08 පෝර්ට් එක සමග නිවැරදිව සම්බන්ද කලයුතු බවය.මොඩියුලයේ ඉහළින්මුද්‍රිත පුවරුවේ P10,P20,P16ලෙස දක්වා ඇත්තේ එම මොඩියුල වර්ගයයි.
මොඩියුල දෙවර්ගයකින් ඔබට ලබා ගත හැකිය.ඒ නිවාස තුල භාවිතා කරන හා එළිමහනේ ආවරණක් රහිතව භාවිතා කරන ඒවා ලෙස ය.නිවාස තුල මෙම මොඩියුල යොදන විට වැසි ජලය නොයන බැවින් අඩු වියදමකින් පුවරුව ගොඩ නැගිය හැක.එහෙත් එලි මහණේ පුවරුවක් සවිකරන විට යන වියදම මදක් වැඩිය. ඔබ මිලදී ගන්නේ out door වර්ගයේ එකක් නම ඒ සඳහා වෝටර් සීල් එකක් ලබා ගන්න.
ඔබට ජය!
LED නාම පුවරු පළමු පාඩම බලන්න මෙතනින් යන්න.

8 comments:

  1. නියමයි වැඩසටහන හරිම අගේ.

    ReplyDelete
  2. Niyameta pehedili bro. Anek kotaath ikmanin danna

    ReplyDelete
  3. නියමයි හොද ලිපි පෙළක් තියනවා. දිගටම ලියන්න. ඔබට ජය

    ReplyDelete
  4. මේ ලොජික් අයි සී එක විතරක් (එල්. ඊ, ඩී. මොඩියුල් එකට හයි කරපු නැති) ගන්න නැද්ද? ලොකු ඇම්පියර් එකක් රන් කරන අයි සී එකක් ගන්න තියෙනවා නම් දැනට වෙසක් කූඩු වලටයි තොරං වලටයි පාවිච්චි කරන ෆ්ලෑෂර් කොටේ කියන උපකරණයට ටටා කියන්න පුළුවන්.

    ReplyDelete
  5. oyage e mail ad akak tiyanawanam denna

    ReplyDelete
  6. godak hoda wada satahanak jayen jaya

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.