Tuesday, September 9, 2014

පට්ට ලාබෙට පිටරටින් බඩු ගෙන්වමු..1

අපේ බ්ලොග් එක කියවන අය දිනපතා වැඩි වෙනවා ..ගොඩක් අලුත් විස්තර තියෙන නිසා කට්ටිය අපේ බ්ලොග් එක පැත්තේ නිතරම කරක් ගහනවා කියල හොඳටම පේන්න තියෙනවා..අද මම කියලා දෙන්නම් ebay ගැන ඔයාලට ebay එකෙන් ඕනෑතරම් උපාංග අඩු මිලට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්..මම සියල්ල කියලා දෙන්නම් කරන හැටි..මෙන්න මේකයි ක්‍රමේ...

eBay කියන්නෙ මොකක්ද?
eBay කියන්නෙ ඇත්තටම ගෝලීය පොළක්. පොළක කව්ද ඉන්නෙ?
භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.භාණ්ඩ වල මිල අඩු මට්ටමේ සිට හා වැඩි මට්ටමේ සිට වුවද අපට ඉතා පහසුවෙන් ඒවා තෝරා ගත හැකියි.

eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
විශේෂයක් නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්.ටිකක් අන්තර්ජාලයේ හැසිරීම ගැන පොඩි දැනුමක් තිබීම වැදගත් වෙනවා..ඉංග්‍රීසි දැනුමත් ඉතා වැදගත් වෙනවා...

eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි.හරියට හෙටදින වගේ.. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.මොන රටෙන් වුනත් අපට ඕන භාණ්ඩයක් තැපෑලෙන් ගෙන්වා ගන්න පුළුවන්..

eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?
සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.තැපැල් ගාස්තු නැතිව ගෙන්න ගත්තොත් ටිකක් කල් යනවා..නැතිනම් ඉක්මනටම ගෙන්වා ගන්න පුළුවන්..

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.Free Shipping වලින් ගෙන්වන එක හොඳයි..නැතිනම් වැඩිපුර ගෙවන්න වෙනවනේ..

eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.මුලින්ම පුරුදුවෙන්න එක්ක පෙන් ඩ්‍රයිව් මෙමරි කාඩ් වගේ පොඩි පොඩි දේවල් ගෙන්වා ගනිමු..එතකොට ebay එකේ හැසිරීම හොඳටම හදුනා ගන්න පුළුවන් වෙයි..

eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.මේගැන පාඩම් මාලාවක් මම කියා දුන්නා මතක ඇති..
ඔබට ජය!

6 comments:

  1. එල අයියා. solar panel ගැනත් ඉක්මනට ලියන්න.

    ReplyDelete
  2. හැමදේ ගැනම විස්තර හරි, මේ දේ ගැනත් දැනගන්න,
    ebay එකෙන් කවදාවත් මෙමරි කාර්ඩ්, පෙන්, එක්ස්ටර්නල් හාර්ඩ් ඩිස්ක්, හාර්ඩ් ඩිස්ක්, ගෙන්නන්න එපා, මේවා එන්නේ ජාත්‍යන්තර තැපැල් සේවාව මගින්, ඒ එනකොට ගැස්සීම් නිසා එක්ස්ටර්නල් හාර්ඩ් ඩිස්ක්, හාර්ඩ් ඩිස්ක්, හානි වෙන්න පුළුවන්. පෙන් ගොඩක් තියෙන්නේ කැපැසිටි ෆේක් ඒවා. මගේ අත්දැකීමෙන් කියන්නේ.

    ReplyDelete
  3. මේ අයවැයෙන් පස්සේ ebay එකෙන් ගෙන්නනපු බඩු තම මගේ අතට ආවේ නෑනේ""

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.